ජලය ජිවිත දෙකක් බිලිගනි

කල්පිටිය කිරිමුන්දලම කලපුවේ ධීවර කටයුතුවල යෙදී සිටි පුද්ගලයෙකු කලපුවට වැටි සහ බුත්තල යටියල්ලාතොට ප්‍රදේශයේදී කාන්තාවක් මැණික් ගඟට වැටි මියගොස් ඇති බව පොලිසිය පවසයි

ඊයේ (21) දහවල් කාලයේදී කල්පිටිය කලපුවට ධිවර කටයුතු සදහා ගිය එම පුද්ගලයා දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.එසේ මියගොස් ඇත්තේ, 23 හැවිරිදි තෝරාඩිය, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර බුත්තල පොලිස් වසමේ යටියල්ලාතොට ප්‍රදේශයේදී මැණික් ගඟට නෑමට ගිය කාන්තාවක් පය ලිස්සා ගඟට වැටී  දියේ ගිලී මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ, 87 හැවිරිදි යටියල්ලාතෙට, බුත්තල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *