ජලභීතිකාව ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවත් නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර තිබේ.

කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේම එන්නත් හිඟය නිසා එන්නත්කරණ වැඩසටහන අසාර්ථකව ඇති බවත ඒ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවධානමක් ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එම නිසා ඒ සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු අඟවන බවත් සුනඛ සපාකෑම්වලින් හැකිතරම් දුරට වැළකී ලෙස ඔහු ඉල්ලා සිටියි. සැක සහිත සුනඛ සපාකෑමක් සිද්ද වුණොත් ළඟම පිහිටි රෝහලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද එම සංගමය ඉල්ලිමක් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *