ජපාන මුහුදේ නෞකාවක් ගිලෙයි

ජපානය ආසන්නයේ ගැඹුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී ගොස් එහි සිටි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු අතුරුදහන් වි පුද්ගලයන් 13 දෙනෙකු බේරා ගත් බව ජපාන වෙරළාරක්‍ෂක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

අතුරුදන් 9 දෙනා සෙවීමේ මෙහෙයුම්වල මේ වන විට ජපාන ආරක්ෂක අංශ නිරතව සිටි

ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබු අතර හොංකොංහි ලියාපදිංචි කර ඇති එම නැවෙහි චීන ජාතිකයින් 14 දෙනෙක් සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙක් සේවයේ යෙදී සිට තිබේ.

දැව ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව පෙරළීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වි නොමැති අතර ඒ අවස්ථාවේ එම ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක් තිබි ඇත.

ජපාන වෙරළාරක්ෂක බළකාය වහාම නාගසාකි නගරයට බටහිර දෙසින් පිහිටි සිය මුර සංචාර නෞකා සහ ගුවන් යානාවල සහාය ඉල්ලා එම ප්‍රදේශයට කැඳවා තිබේ.

නෞකාව ගිලී ඇති ප්‍රදේශය නාගසාකි සහ දකුණු කොරියාවේ ජෙජු දූපත අතර වන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් අඟහරුවාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *