ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් (VIDEO)

ජපානයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුව තිබෙන අතර ගොඩනැගිලි හෙල්ලි ගිය බව එරට NHK රුපවාහිනීය වාර්තා කළේය.

භූමිකම්පාව නෙමුරෝ අර්ධද්වීපයේ කිලෝමීටර් 61 ක් (සැතපුම් 38 ක්) ගැඹුරට බලපා ඇති බව එරට පෘථිවි විද්‍යාව සහ ආපදා ඔරොත්තු දීමේ ජාතික පර්යේෂණ ආයතනය (NIED) ප්‍රකාශ කර තිබේ.

භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *