මධ්‍යම ජපානයේ බටහිර වෙරළ තීරයේ Honsu ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
මෙම භූ චලනය පොළවේ සිට කිලෝමීටර 10 ක ගැඹුරින් සිදුව ඇති බවද එම ආයතනය පැවසීය
කෙසේ වෙතත් මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ලෙස සටහන් වී ඇති බව ජපාන කාලගුණ එජන්සය පැවසීය.
සුනාමි තර්ජනයක් නොතිබුණත්, මුහුදු මට්ටම සෙන්ටිමීටර 20 ට වඩා අඩු වෙනස්කම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
තුවාල ලැබූවන් සහ හානි වූ ගොඩනැගිලි පිළිබඳ වාර්තා සම්බන්ධයෙන එරට බලධාරීන් විමර්ශනය කරමින් සිටි බව ජපාන NHK රුපවාහිනීය වාර්තා කළේය .
මෙම භූමිකම්පාව හේතුවෙන් Nagano සහ Kanazawa දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.