ජංගම දුරකථන ආරවුල මරණයෙන් කෙලවර වෙයි

නොරොච්චෝල දළුව ප්‍රදේශයේ දී ඊයේ (30) තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වන දළුව ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.

ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වූ බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසයි.

Leave a Reply