ජංගම දුරකථනය රේල් පාරේ ගිය කාන්තාවකට මරු කැඳවයි

ජංගම දුරකථයක් කණේ ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක දුම්රියේ ගැටිමෙන් මිය ගොස් ඇත‍ැයි පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක් බවට වාර්තාවේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු  දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම අසලදි මෙම කාන්තාව ගැටී ඇත.

එසේ මිය ගිය කාන්තාවගේ මල සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත් එම මළ සිරුර කොටගල රෝහල ගෙන යාමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.

Leave a Reply