ජංගම දුරකථනයක් පුද්ගලයෙකුට මරු කැඳවයි

කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කල්ලාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සමබන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇති අතර පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදී ගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බාල සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සැක පලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටද පොලීසිය පවසයි.

Leave a Reply