ජංගම දුරකථනයක් නිසා පාසල් සිසුවියක් වස බී මරුට

ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව ඊයේ (05) වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි වාර්තාවේ.

මිය ගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව වාර්තා වෙයි.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුලුනිකවැව ජයසිරිගම ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වන දා පාසලට ජංගම දුරකථනය රැගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි.

පසුව ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිවරයා විසින් සිය භාරයට ගෙන, එය නැවත ලබා දීම සඳහා පසු දින පියා සමඟ පැමිණෙන ලෙස අවවාද කර ඇත.

නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වෙයි.

වස පානය කළ සිසුවිය ඉතා ඉක්මනින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඇය මිය ගිය බව සඳහන් ය.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply