චණ්ඩ සුළි කුණාටුවක පෙර නිමිති – ධීවර ප්‍රජාව වහාම ගොඩබිමට එන්න

උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුද සහ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය එම ප්‍රදේශයේම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ධිවර හා නාවුක ප්‍රජාව ඉහත මුහුදු ප්‍රදේශවල අද 21 සිට 25 වනදා දක්වා කාලය තුළ යාත්‍රා නොකරන ලෙසත් දැනට එම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතු වල නිරත පිරිස් වහාම ගොඩබිමකට හෝ ආරක්ෂිත ප්‍රදේශයකට යන ලෙස ඉල්ලා සිටී.

එය බටහිර-වයඹ දෙසට ගමන් කර 22 වනදා පමණ එම කලාපයේම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් 23 වැනි දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, පසුව ඔක්තෝබර් 24 වන විට සුළි කුණාටුවක් දක්වාත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පසු එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උතුරු-ඊසාන දෙසට ගමන් කර ලබන 25 වනදින බටහිර බෙංගාල – බංගලිදේශ වෙරළ ආසන්නයට ළඟා වීමට ඉඩ ඇති බවද එහි සදහන්ය.

ඒ අනුව උතුරු අක්ෂාංශ 05 – 17 සහ නැගෙනහිර අක්ෂාංශ 85 – 100 අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් (60-70) දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග මුහුද ඉතා රළු විය හැකි බවද එහි සදහන්ය

Leave a Reply