ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගත් අවස්ථාවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.
ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය ඉකුත් ඉරිදා සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වු අතර පසුව ඇය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු පසුව පොලීසියට ප්‍රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් තරුණිය අසල කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවය.
එම තොරතුර ඔස්සේ පොලීසිය ෆාතිමා වළදැමූ ස්ථානය ඊයේ (12) දිනයේ හඳුනාගත් අතර ඇයගේ දේහය අදාළ ස්ථානයේ තිබී අද පෙරවරුවේ ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහනුවර රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණි
ඒ සම්බන්ධ පෙර පුවත්
ගම්පොළ තරුණියක් අතුරුදහන්
අතුරුදන්ව සිටි ගම්පොළ තරුණිය ඝාතනය කරලා ?