ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් තුල හටගත් ගින්නකින් එක් අයෙකු මරුට

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් තුළ අද (11) අළුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිරිහාන පොලිසිය පවසයි

මෙසේ මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි

ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළඳසැල තුල නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගින්න ඇති වීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙන අතර විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ද පැමිණ විදුලිය විසන්ධි කිරීමට ද පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply