ගොඩනැගිල්ලකින් වැටී තරුණයෙකු මරුට

නාරාහේන්පිට ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් තරුණයෙක් මිය ගොස් ඇතැයි නාරහෙන්පිට පොලීසිය පවසයි.

ඉදිකෙරමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහළෙන් මෙලෙස වැටී මෙම අනතුරින් මියගොස් ඇත්තේ හාලිඇළ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මියගිය අය ඊයේ (10) රාත්‍රී අදාළ ගොඩනැගිල්ල තුළ මත්පැන් පානය කර ඇති අතර කිසියම් අවශ්‍යතාවයක් සඳහා තෙවන මහල කරා යාමේදී  අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී එම අනතුර වී ඇති බව පොලීසිය පවසයි.

පසුව අද උදැසන සේවකයන් ඔහු බිම වැටී සිටි අකාරය දැක මේ බව පොලිසියට දැනුම් දි තිබේ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *