ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය කල්යයි

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා තිබේ.

හෙට (25) පැවැත්වීමට නියමිතව තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply