ගිනි අවියෙන් වෙඩි තබාගෙන පුද්ගලයෙකු මරුට

මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අද (16) දහවල් දිගන ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ඔහුගේ කාර්යාලයේදී මෙලෙස වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබාගැනීමෙන් පසු බරපතළ තුවාල ලබා ඇති ව්‍යාපාරිකයා මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply