ගිං ගඟේ කිඹුල් බියක්

    මේ දිනවල ගිංගඟේ දැවැන්ත කිඹුලන් දෙදෙනකු සැරිසරන බැවින් බද්දේගම අවට ගිංගඟ අසබඩ පදිංචිකරුවෝ දැඩි අවදානමකට ලික්වි ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

    බද්දේගම, උනන්විටිය, අගලිය යන ප්‍රදේශවල සැරිසරන මේ කිඹුලන් දෙදෙනා බොහෝ පිරිසක් දැක ඇති බවද ඔවුහු පවසති.

    පවතින වියළි කාලගුණයත් සමග විශාල පිරිසක් නෑමට, රෙදි සේදීමට ගිං ගඟ පරිහරණය කරන බැවින් ඔවුන් දැඩි අවදානමකට ලක්වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

    මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකර ඉක්මන් පියවරක් ගන්නා ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

    Leave a Reply