ගැබ්බර කැස්බෑවකු මස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගාල්ල ගිංතොට ගිංගඟ මාවත වෙරළ තිරයේ සංරක්ෂිත සතෙකු වන විශාල කැස්බෑවෙකු මස් කරමින් සිටි පුද්ගලයෙකු අද (13) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි

කිලෝග්‍රෑම් 50 පමණ බර මෙම කැස්බෑවා මරා මස් කරමින් සිටියදි අත් අඩංගුවට ගත් සැකකරු අද (14) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *