ගාසා ළමා අරමුදලට ශ්‍රි ලංකාවෙන් ආධාර

පලස්තීන ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට “ගාසා හි ළමා අරමුදල” (Children of Gaza Fund) නිර්මාණය කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේය

සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙසට නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම මේ සඳහා මහජනතාවගේ දායකත්වයන්ද අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරින බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply