ගාලු කොටුවේ සැණකෙළියට ආ තරුණයෙකුගේ යතුරුපැදියක් උස්සලා

ගාල්ල කොටුව තුළ පැවැති සැණකෙළියකට පැමිණි තරුණයෙකුගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා FZ වර්ගයේ යතුරු පැදියක් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.

ඊයේ (16) රාත්‍රියේ ගාලු කොටුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශයේ පැවති සැණකෙළියකට මෙම තරුණයා සිය මිතුරන් පිරිසක් සමඟ යතුරු පැදිවලින් පැමිණ තිබේ. එහිදී කොටුව ප්‍රදීපාගාරය අසල මාර්ගයක සිය යතුරු පැදිය නවතා සැණකෙළියට ගොස් අලුයම නිවසට යෑම සදහා යලි පැමිණ බැලීමේදී නවතා තිබූ තැන සිය යතුරු පැදිය නොමැතිවීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසියේ අපරාධ අංශය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *