ගාල්ල බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඳවියන් පිරිසක් බාල දක්ෂයින් ලෙස පුහුණුකර ඔවුනට පදක්කම් සහ කරපටි පැළඳවිම බන්ධනාගාර අධිකාරි එස්.ආර්.ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදි ඉකුත්දා සිදු කළේය.
එහිදි බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටියේ ලබන 31වනදින පල්ලේකැලේ එළමහන් සිර කඳවුරේදි පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරියට සහභාගිවිම සඳහා මෙම බාල දක්ෂ කණ්ඩායම පුහුණු කරනු ලැබු බවයි.
එදින සිට දින හතරක් පුරා පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරියට බන්ධනාගාර 32ක රැඳවියන්ගේ බාල දක්ෂ කණ්ඩායම් සහභාගිවිමට නියමිතය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් එකොළොස් දෙනෙකු ගාල්ල දිස්ත්‍රික් බාල දක්ෂ ආචාරයවරුන්වන සුජිත් ඒකනායක සහ චින්තක කෞශල්‍ය යන මහත්වරුන් විසින් පුහුණු කොට ඇත.