ගාල්ල පාපන්දු පිටිය සංගීත සංදර්ශන හා දේශපාලන රැස්වීම්වලට තහනම් කෙරේ

ගාල්ල පාපන්දු පිටිය සංගීත සංදර්ශන හා දේශපාලන රැස්වීම්වලට ලබාදීම නතර කිරීමට තීරණය කල බව ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (16) පෙරවරුවේ තීරණය කලේය.

ගාල්ල කඩවත් සතර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවති සම්බන්ධීකරණ කමිටුවේදී මෙම තීරණය ගනු ලැබිය.

ගාල්ල පාපන්දු සංගමය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ගාල්ල කඩවත්සතර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මෙම තීරණය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගාල්ල මහ නගර සභාවට දැනුම් දුන්නේය.

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් වන මෙරට පාපන්දු ක්‍රීඩාව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචලිත කරමින් ආරක්ෂා කළ යුතු බව කොළඹ පාපන්දු සංගමයද තමාගෙන් ඉල්ලීමක් කළ බවද මෙහිදී සභාපතිවරයා පැවසීය.

කරුණු රැසක් මුල්කරගනිමින් පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

පාසල් ළමුන් ඇතුළු පාපන්දු ක්‍රීඩාවේ නිරත වන තරුණයන් විසින් ක්‍රීඩා කිරීම සඳහා යොදා ගන්නා මෙම ක්‍රීඩා පිටියේ ගාල්ල නගරයේ පාසල්වල ක්‍රීඩා ළමුන් මෙන්ම පාපන්දු තරුණයන් මෙන්ම පාපන්දු කණ්ඩායම්ද සිය ක්‍රීඩා පුහුණුවීම් මෙන්ම ක්‍රීඩා තරග සඳහා යොදා ගනු ලබයි.

Leave a Reply