ගාල්ල ත්‍රස්ත ප්‍රහාරයට වසර 17ක් රිමාන්ඩ් කර සිටි සැකකරුවන්ට ඇප

එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදි සමයේ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් වසර 17ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය එක් අයෙකු රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින්වු ශරිර ඇප හතරක් මත මුදා හැරිමට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය ඉකුත් (13) නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හරිනු යන සැකකරුවෝ අතර එකම පවුලේ තිදෙනකුද වෙයි. නඩුවේ එක් සැකකරුවෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදි මියගොස් ඇත

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

ගාල්ල වරාය පොලිස් වසමේදි 2006 වසරේ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරිමට ආධාර අනුබල දිම නාවික සමාජිකයෙකු ඝාතනය කර තවත් 19 දෙනෙකුට තුවාල සිදුකිරිම ඇතුළු අධි චෝදනා 28ක් යටතේ සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a Reply