ගාල්ලේ සංගිත සංදර්ශනය බලන්න ආ තරුණයෙකුගේ යතුරු පැදියක් උස්සලා

ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ ඊයේ (08) රාත්‍රියේ පැවැති සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා පැමිණි තරුණයෙකුගේ රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා යමහා FZ වර්ගයේ යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සංදර්ශන භූමිය අසල ඊයේ රාත්‍රී යතුරුපැදිය නවතා ගොස් නැවත පැමිණී බැලීමේදී යතුරුපැදිය නොමැති බවට දැනගැනීමෙන් පසු මෙම තරුණයා විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මින් පෙරද ගාලු කොටුවේ පැවති සැණකෙළියකදී මේ ආකාරයෙන්ම FZ වර්ගයේ යතුරු පැදියක් සොරකම් කරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *