දඩල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ල කනත්ත අසල ඊයේ (15) රාත්‍රියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයක් අතරතුර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දඩල්ල මහ මුදලි මාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලැබු මියගිය අය කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෙම සංගිතය නැරඹීමට පැමිණ සිටි තවත් අයෙකුගේ පාදයකට වෙඩි වැදී තුවාල සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

One thought on “දඩල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

Leave a Reply