කරාපිටිය රිය අනතුරකින් යතුරුපැදිකරු ජිවිතක්ෂයට

ගාල්ල කරාපිටිය ප්‍රධාන මාර්ගයේ ගලගෙඩිය ප්‍රදේශයේ අද (16) සවස මෝටර් රථයක් තාප්පයක ගැටී ඉදිරිපසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පෝද්දල පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි

මෝටර් රථය කරාපිටිය දෙස සිට ගාල්ල දෙසට විරුද්ධ මං තිරුවේ ගමන් කරමින් තිබියදී අසල තාප්පයක ගැටීමෙන් පසු විරුද්ධ දෙසින් පැමිණෙමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුර සිදුකල මෝටර් රථය රියදුරුද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply