ගාල්ලේ පොකුණක ගිලී ළමයෙකු ජිවිතක්ෂයට

ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පිහිටි නිල් පොකුණේ දිය නෑමට ළමයෙකු අද (19) දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිලිද්දුව පදිංචි 10 හැවිරිදි ළමයෙකි

මෙම ළමයා තවත් ළමයි දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

පසුව ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලී සිටි ලමයා ගොඩට ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ළමයා මියගොස් තිබේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය හෙට (20) පරීක්ෂණය පැවැත්වීමට නියමිතය

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *