ගාල්ලේ නාඳුනන කාන්තා මළ සිරුරක්

ගාල්ල හැව්ලොක් පාරේ පිහිටි කුණු ඇලේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (20) සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන තිබෙන අතර මෙම කාන්තාව වයස අවුරුදු 55ත් 65ත් අතර වයසක පසුවන කෙනෙකු බව අනුමාන කරන බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණිමෙන් පසු මළ සිරුර ගාල්ල කරාපිටිය රෝහලට ගෙනගොස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙනයනු ලබයි.

Leave a Reply