ගාල්ලේ දුම්රිය – ලොරි අනතුරක් (VIDEO)

ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු සිග්‍රඝාමි දුම්රි‍යේ ගැටුනු කුඩා ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවෙකු අද (13) කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

අනතු‍රෙන් තුවාල ලබා ඇත්තේ අක්මිමණ වලහන්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දුම්රිය හරස් මාර්ගයේ විදුලි පහන් දැල්විම නිසා යතුරු පැදි නවතා ගෙන සිටියදි පසු පසින් පැමිණ ලොරිය අනාරක්ෂිත ලෙස ඉදිරියට යනවිට එකවරම දුම්රියේ හැපි කැරකි ආපස්සට පැමිණ යතුරු පැදි දෙකේ වැදි ඇති අතර එහිදි එක් යතුරු පැදියක් ලොරියට යටවි එම යතුරු පැදිකරු තුවාල ලබා ඇත. අනෙක් යතුරු පැදියද විසිවි ගොස් එහි යතුරු පැදිකරු සුළු තුවාල ලබා තිබේ.

මෙම ස්ථානයේ මෙයට මාස තුනකට පමණ පෙරද මෝටර රථයක් දුම්රියේ ගැටිමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් වරාය පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *