ගාල්ලේ දී දුම්රියෙන් ඇද වැටී තරුණයකුට තුවාල

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි සිඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමේදී දුම්රිය පාපුවරුවේ ගමන් කල තරුණයකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා අද (11) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක තරුණයෙකි

දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වනවාත් සමඟ මගීන්ගේ තෙරපිමත් සමඟ දුම්රියෙන් ඇද වැටි දුම්රියට හසුවිම හේතුවෙන් මෙම තරුණයාගේ පාද දෙකම වෙන් වි ගොස් ඇති බව අනාවරණය වී ඇත.

දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ මගින් විසින් තුවාලකරු වහාම සුවසැරිය ගිලන් රථයක් මගින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply