ගාල්ලේ ගංවතුර ආපදාවකදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බෝට්ටු 06ක්

හදිසි ගංවතුර ආපදා අවස්ථාවක දී ප්‍රතිචාර දැක්වීම සහ විපතට පත්වන ජනතාවට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් යොදාගැනීමට බෝට්ටු 6ක් ප්‍රදානය කිරිම ඉකුත්දා (15) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය දී සිදු කෙරිණි.

ඒ අනුව තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බෝට්ටු 04ක්, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බෝට්ටු 01ක් සහ හිනිදුම කල්වාරි දේවස්ථානය වෙත බෝට්ටුවක් ප්‍රදානය කෙරිණි.

මෙම කුඩා බෝට්ටු සැල්වේෂන් ආමි (ගැලවීමේ හමුදාව) ප්‍රධානත්වයෙන් ගාල්ල කතෝලික සභාව මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී ඇත.
මෙයට සමගාමීව ආපදා අවස්ථාවක ජීවිත මුදවා ගැනීම සඳහා ආරක්ෂිත කබා 20ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙනුවෙන් ලබා දීමද සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *