ගාල්ලේ කාණුවක මළ සිරුරක්

ගාල්ල රිච්මන්ඩ් කන්ද දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය මාර්ගය අසල කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් අද (14) පෙරවරුවේ හමුවූ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල වළව්වත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පදික වෙළඳාමේ නිරතව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා විසින් අද පස්වරුවේ සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස නියෝග කරන ලදි.

සිද්ධිය පිළිබඳව ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply