ගාල්ලේ HIV ආසාදිතයින්ගේ වැඩිවිමක්

ගාල්ල මහමෝදර හා බලපිටිය යන රෝහල්වල පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකක මඟින් සිදු කරනු ලැබූ පරික්ෂණවලදී 2022 මේ දක්වා කාලය තුළ HIV වෛරසය ආසාදනය වු ඒඩ්ස් රෝගීන් 33 දෙනෙකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.

ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ පිහිටි ලිංගා ආශ්‍රිත බෝවන රෝග ඒකකය මඟින් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී ඒඩ්ස් රෝගීන් 30 දෙනෙකු සහ බලපිටිය ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකකය මඟින් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී එඩ්ස් රෝගීන් 03 දෙනෙකු හමුවී ඇති බව එම කාර්යාලය පවසයි.

ඉකුත් වසරට වඩා මෙම වසරේදී ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බවද සෞඛ්‍ය කාර්යාලය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *