ගාල්ලේ ඉන්ධන පෝලිමක රිය අනතුරකින් තරුණයෙකු මරුට 

ඉන්ධන ලබා ගැනිම සඳහා පැමිණ ගාල්ල අම්බලන්වත්ත ඉන්ධන පිරවුම්හලක නවතා තිබු ත්‍රි රෝද රථයක හැපි යතුරු පැදිකරුවෙකු අද (24) අලුයම මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මියගිය අය අද අලුයම ගාල්ල දෙස සිට නිවසට යමින් සිටියදි ඉන්ධන පිරවුම්හලේ පොලිමේ නවතා තිබු ත්‍රි රෝද රථයක හැපි ඇත අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථයේ රියදුරු අසුන මත නිදාගෙන සිට ඇති බවත් ඔහුට අනතුරක් සිදුව නැති බවත් පොලිසිය පවසයි

මෙසේ මිය‍ගොස් ඇත්තේ අම්බලන්වත්ත පදිංචි තරුණයෙකු වන අතර ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply