ගාල්ලට මහ වැසි – මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

අද (04) රාත්‍රියේ පැය දෙකක පමණ කාලයක් ඇදහැලුණු අධික වර්ෂාවත් හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල වක්වැල්ල – ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග රැසක් මෙම ජල ගැල්මට හසුව තිබිණි.

සමහර ප්‍රදේශ අඩි දෙකක් පමණ ජලය යටව තිබිණ.

ගාල්ල – බද්දෙගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, කෝන්ග, සරෙන්තුකඩේ, දංගෙදර සහ බෙලිගහ යන ප්‍රදේශවලින් යටව තිබූ අතර ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල නගරයෙන් සහ මිනුවන්ගොඩ සංඝමිත්තා පාසල අසලින් ජලය යට ව තිබිණි.

මේ හේතුවෙන් මෙම මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වූ අතර ජනතාව පවසන්නේ ජලය බැස යන කාණු සහ ඇළ මාර්ග සුද්ද නොකිරීම මෙම යට වීමට හේතු වූ බවයි

Leave a Reply