ගාල්ලට ආසන්න මුහුදේ නෞකාවකින් වැටි ඉන්දිය ජාතිකයෙකු අතුරුදන්

ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 10 ක පමණ දුරින් නැංගුරම්ලා තිබූ ඉන්දිය නෞකාවක සේවය කල ඉන්දීය ජාතික සේවකයෙකු (31) ඊයේ සවස මුහුදට වැටී අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වරාය පොලිසිය පවසයි

ඊයේ (31) සවස තවත් නෞකාවක් සමග සැපයුම් කොටස් හුවමාරු කර ගනිමින් සිටියදී
මෙම සේවකයා මෙසේ මුහුදට වැටී අතුරුදන් වී ඇති බවට නෞකාව අයත් නැව් සමාගම විසින් වරාය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධව වරාය පොලීසිය විසින් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුර දැනුවත් කර අතුරුදන් වු පුද්ගලයා සොයා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply