ගවයන් සහ බල්ලන් ගොදුරු කරගත් දැවැන්ත කිඹුලා අල්ලයි

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ ගවයින් සහ බල්ලන් රැසක් ගොදුරු කර ගත් දැල්තර ඇලේ සිටි අඩි 13ක් පමණ දැවැන්ත කිඹුලා කොටු කර ගැනීමට වනජීවී නිලධාරීන් සමත් ව ඇත.

ඉකුත් දින කීපය තුළ එම ප්‍රදේශයේ සැරිසරන ගවයින් සහ සුනඛයින් රැසක් හිටිහැටියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී කිඹුලා විසින්ම මෙම සත්ත්වයින් ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වි ඇත.

ප්‍රදේශවාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමක් අනුව ඔවුන් විසින් ඇළ මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට සමත් ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *