ගල් වලක දිය නෑමට ගිය සිසුන් දෙදෙනකු මරුට

ජලයෙන් පිරී තිබූ ගල් වලක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අද (17) සවස දියේ ගිලී මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

නවගමුව තුන්අඳහේන අක්බාර් වත්ත ප්‍රදේශයේ ජලය පිරි තිබු ගල්වලක ගිලි මෙසේ මියගොස් ඇත්තේ කඩුවෙල කොරතොට පදිංචි 15 හැවිරිදි සහ 12 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.

පවතින වර්ෂාපතනයත් සමඟ ජලයෙන් පිරී තිබූ ගල් වළක ස්නානය කිරීම සඳහා අද සවස මෙම සිසුන් දෙදෙනා ගොස් ඇති බවත් පසුව එසේ ස්නානය කිරීම සඳහා ගිය සිසුන් දෙදෙනා දක්නට නොලැබුණු බැවින් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවන් සොයා තිබේ. පසුව යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ජලය පිරී තිබූ මෙම ගල් වලට බැස සෝදිසි කිරීමේදී මෙම සිසුන් දෙදෙනාගේ සිරුරු දෙක සොයා ගත් බව පොලිසිය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *