නයිජීරියාවේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන් 32 දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ මෙම පැහැරගැනීම සිදුව ඇති අතර සන්නද්ධ ගෝත්‍රික වැසියන් පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව එඩෝ පළාතේ ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.
එම ගෝත්‍රික වැසියන් දුම්රිය පොළට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කීප දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
නයිජීරියානු දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට එඩෝ පළාතේ එම දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත් දුම්රියන් නොනවත්වා එඩෝ පළාත හරහා ධාවනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.