කොළඹ Slave Island නාමය වෙනස් වෙයි

ඉංග්‍රීසි භාෂාවෙන් ස්ලේව් අයිලන්ඩ් (Slave Island) හෙවත් වහල් දූපත ලෙස යටත් විජිත සමයේ හැඳින්වූ කොම්පඤ්ඤ වීදිය භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිත කිරීමට කඩිනම් සංශෝධනයන් සිදුකරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දී ඇති බව සඳහන්

75 වැනි නිදහස් දිනයට සමඟාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සහ කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කලේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *