ලද තොරතුරක් මත රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෙන්ඩි නමැති දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක වේටර්වරයකු ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ MDMA නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍ය විශේෂිත ඉල්ලුමක් පවතින අතර ඒ හේතුවෙන් ග්‍රෑම් එකක් රුපියල් 20000ක පමණ මුදලකට අලෙවි වන බවත් මෙරටට දුර්ලභ මත්ද්‍රව්‍යයක් වීම හේතුවෙන් දැඩි ඉල්ලුමක් ද පවතින බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.