කොළඹ වරායෙන් හොරෙන් නැව් නැග්ග රට සිහිනය ගාලු වරායෙන් අවසන්

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු නෞකාවකට හොරෙන් ඇතුලුවි නිතිවිරෝධි ලෙස විදේශගතවිමට උත්සාහ කරන ලද පුද්ගලයින් 04 දෙනෙකු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන භාරදුන් බව ගාල්ල වරාය පොලිසිය පවසයි

කොළඹ වරායෙන් පිටත්වු (10) මෙම නෞකාව අද (10) ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබියදි නෞකාවේ සේවකයින් විසින් හඳුනා ගැනිමෙන් පසු අත් අඩංගුවට ගෙන වරායේ ආගමන විගමන නිලධාරින්ට බාර දී තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පදිංචි අවුරුදු 21ත් 35ත් අතර හතර දෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply