කොස්ගොඩ අභිරහස් මරණයක්

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත කොස්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ යතුරුපැදිය පසුගියදා ගලගම ඇළ මාර්ගයට යාබඳ වෙල් යායක් ආසන්නයේ තිබී සොයා ගෙන ඇත.

අතුරුදන් වූ අයගේ ඥාතියෙකු ඇතුළ පිරිසක් ඊයේ (02) අතුරුවැල්ල මෝට කට ආසන්නයේ ඇළ මාර්ගයක ඔරුවකින් ගමන් කරමින් අතුරුදන් වූ අය පිළිබඳ සොයා බැලීමේ දී මෝය අසල මෘත ශරීරයක් තිබී පොලීසිය වෙත දැනුම්දී තිබේ.

පසුව සිදුකළ විමර්ශනයේ දී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර බවට එම මෘත දේහය හඳුනාගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69ක් වු මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර ගෙනයනු ලබයි.

Leave a Reply