කොවිඩ් වෛරස තවදුරටත් හදිසි තත්වයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා : WHO

කොවිඩ් වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස 2020 වසරේදී නම් කරනු ලැබිය. 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වු අතර 2020 වනවිට කොවිඩ් වෛරසය ගෝලීය වසංගතයක් බවට පත් විය.

සාර්ථක එන්නත්කරණයත්, වෛරසයේ සැර බාලවීමත් සමඟ එහි අවදානය කෙමෙන් පහව ගිය බවත් තව දුරටත් කොවිඩ් සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කොවිඩ් වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බව ද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *