කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ නගරයක් Lockdown

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ෂෙංග්ඩූ නගරයේ ජනගහනය මිලියන 21 ක් බවත් නගරයට පිවිසීමට හෝ නගරයෙන් පිටවීම හෝ කළ නොහැකි අතර, නගර වැසියන් සියලු දෙනා කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බවද එම වාර්තා සඳහන් කළේ ය.

නගර සහ පළාත් පිටින් මුළුමනින්ම ලොක්ඩවුන් කරමින්, සෑම කොවිඩ් ආසාදිතයකුම හඳුනාගෙන ඔවුන් වෙන් කරමින් කොවිඩ් වෛරසය සමාජයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීනය මෙලෙස කටයුතු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *