කොවිඩ් අවසන් වෙන්නයි යන්නේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී

අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවිම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් කොවිඩ් වසංගතයේ අවසානයට පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව නන්දෙසින් ලබා ගත් දත්ත පාදක කර ගනිමින් එහි ප්‍රධානීයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

“මා කියන්නේ නැහැ කොවිඩ් 19 වසංගතය අවසන් බව. නමුත් මා කියනවා අප කොවිඩ් වසංගතයේ අවසානයට ඇවිල්ලා කියලා, කොවිඩ් වෛරසය පාලනය කර ගැනීමේ හැකියාව දැන් අපට තිබෙනවා. එන්නත් තිබෙනවා. කවුරුත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා.” යැයි ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

Leave a Reply