කොවිඩ් අවදානමක් හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමයි

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් මධ්‍යම චීනයේ වූහාන් හි උප නගරයක් යළි වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ජියැන්ග්ෂියා දිස්ත්‍රික් පදිංචිකරුවන්ට රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගයි චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබෙන බවත් බලධාරීන් ප්‍රකාශ කර තිබේ

මීට වසර දෙකහමාරකට ඉහත දී කොරෝනා ව්‍යාපත්තිය හේතුවෙන් ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වූහාන් නගරයයි. ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයටඅනුව, 2019 දී වසංගතය ආරම්භ වූ දා සිට චීනයේ රෝගීන් මිලියන 2.2 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 14,720 ක් වාර්තා වී තිබේ

Leave a Reply