කොල්ලුපිටියේ ගසක් කඩාවැටී වාහන දෙකකට හානි

කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං සමග කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවත චාල්ස් ඩ්‍රයිව් මාර්ගය අසල පිහිටි ගසක් අද (07) සවස කඩා වැටීමෙන් වාහන 2කට අලාභානි වී එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පොලිසිය පවසයි.

ගස කඩාවැටීමෙන් ත්‍රීරෝද රථයකට සහ මෝටර් රථයකට බරපතල අලාභ සිදු වී ඇත.

තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු බවත් ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි

හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර පොලිසිය මැදිහත්ව විනාඩි කිහිපයක් තුළ දී රථවාහන තදබදය මඟහැරවීමට කටයුතු කර තිබේ.

Leave a Reply