කොරියාවේ ගින්නකින් සහෝදර සේවකයින් බේරාගත් ශ්‍රි ලාංකීය තරුණයාට උපහාර

සිය අවධානය හේතුවෙන් ගින්නක් නිසා ඇතිවිමට ගිය විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගැනිමට කටයුතු කල ශ්‍රි ලාංකික සේවකයෙකුට මුදල් ත්‍යාගයක් සමගින් උපහාර දැක්වු පුවතක් පසුගියදා කොරියානු මාධ්‍ය වාර්තා කළේය

මෙලෙස උපහාරයට පාත්‍ර වුයේ කොරියාවේ උල්සාන් නුවර සේවය කරන ගාල්ලේ පදිංචි මොහොමඩ් නිෆාල් නැමති තරුණයෙකි.

ඉකුත් පෙබරවාරි 26 වන දින කොරියාවේ උල්සාන් නුවර ග්ලෝබල් හවුස් හි මහල් පහකින් යුත් සේවක නේවාසිකාගාරයේ දෙවන මහලේ රැඳී සිටි මෙම තරුණයා තුන්වන මහලේ දුමක් දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලිමෙදි ගිනි ගන්න බව දැක පසුව සමාගමේ බලධාරීන් සහ ගිනි නිවන අංශ වහාම දැනුවත් කර රාත්‍රි සේවා මුරයට යෑමට පෙර එහි නිදා සිටි සේවකයින් පිරිස ඇහරවා ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, උස්බෙකිස්තානය, පකිස්ථානය සහ පිලිපිනය යන රටවල්වල සේවකයන් පිරිසක් රැඳි සිට තිබේ

පසුව ගිනි නිවන රථ කඩිනමින් පැමිණ ගින්න පැතිරයාම වලක්වා විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත් ව තිබේ.

ගින්න හටගත් කොටසේ තිබු සියලුම දේවල් විනාශයට පත්ව තිබේ

“ගොඩනැගිල්ලේ දුම් පිරි ඇති බව දුටු තමා බියට පත් වූ බවත්, නමුත් ඒ මොහතේ තම සහෝදර සේවකයින්ගේ ජිවිත බේරාගැනිම සදහා කටයුතු කල බව මොහොමඩ් නිෆාල් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply