නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
2022 ජුලි මස 04 දින සිට 2023 පෙබරවාරි 03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත්විය. මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 24378 ක පිරිසක් විභාගය සඳහා අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 කි.
මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
මේ අතර, දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත හත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීම 2023 පෙබරවාරි 13 දින ආරම්භ විය. අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු පෙබරවාරි 22 දින දක්වා සිදුකරනු ලබයි