කොන්දොස්තරලා නැති බස්වලට රිංගා ටිකට් කඩන කල්ලියක් කොළඹ නගරයේ

උත්සව සමය එළඹීමත් සමඟ පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන් රවටා කොන්දොස්තරවරයෙකුගේ මුවාවෙන් පැමිණ වංචනික ලෙස මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක බැවින් ජනතාව බස්රථ භාවිත කිරීමේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙසට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්රථ භාවිත කරන මගින්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම අනිවාර්ය කර ඇති අතර ඒ සදහා ප්‍රවේශ පත්‍ර යන්ත්‍රයක් හෝ මුද්‍රිත ටිකට් පොතක් කොන්දොස්තරවරයා සතුව තිබිය යුතු බැවින් එසේ නොමැති කිසිවකුට මුදල් දීමෙන් වැළකී සිටින ලෙස සභාපතිවරයා ජනතාවට දන්වා සිටී.

බස්නාහිර පළාතේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ධාවනය වන දුර ගමන් සේවා බස් රථ හා පළාත තුළ ධාවනය වන බස් රථ ගමන් ආරම්භයට නියමිත වේලාව එනතෙක් පර්යන්තවල ගාල් කර තිබියදී මෙසේ කොන්දොස්තරවරයෙකුගේ මුවාවෙන් මගීන් අසලට පැමිණ වංචනිකව පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන පිටව යාමට පුරුදුව ඇති අතර නියමිත වේලාවට බස්රථය පිටත් වී ප්‍රවේශපත්‍ර යන්ත්‍රය ද සහිතව කොන්දොස්තරවරයා මගීන් අසලට පැමිණ මුදල් අය කිරීමට යාමේදී මෙවන් ජාවාරම් අනාවරණය වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply